නිදහස් උලෙලට පෙරහුරුවට ගිය එස්.ටී.එෆ්. බස් තුනක් ගැටේ


75 වැනි නිදහස් උලෙලේ පුහුණුවීමට කටයුතු සදහා යමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් රැගත් බස්රථ 3 ක් එකිනෙක ගැටීමෙන් 9 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පානදුර පොලිසිය කියයි.

ඔවුන් පානදුර මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ඔවුන්ගෙ තත්වය බලපතල නොවන බවත් සුළු තුවාල සිදුවී ඇති බවත් ප්‍රකාශකයෙකු පැවසීය.

අද උදෑසන 4.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

 



Recommended Articles