නිදහස් උත්සවයට එන බව වන්නිලඇත්තෝ කියයි


නිදහසේ 75 වන සමරුවට සහභාගි වන ලෙස, ජනාධිපතිවරයා වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ආරාධනය පිළිගනිමින් රට පුරා සිටින සියලු ආදිවාසී නායකයන් සමග, එම ජාතික උත්සවයට සහභාගි වන බව, ආදිවාසී නායක, ඌරුවරිගයේ වන්නිලඇත්තෝ ඊයේ (17දා) පාර්ලිමේන්තුවේදී හමුවූ අවස්ථාවේදි ප්‍රකාශ කළේය. 

ඒ වෙනුවෙන් සියලු පහසුකම් සපයන බවද පාර්ලිමේන්තුවේ  අගමැති කාර්යාලයේදී ආදිවාසී නායකයන් හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.



Recommended Articles