නිතිවිරෝධි සංක්‍රමණිකයෙකුගේ පිහි පහරකින් ඉතාලි පියතුමෙකු මරුට


ඉතාලියේ කොමෝ නගරයේ පිහිටි දේවස්ථානයක් අසලදි නිතිවිරෝධි ටියුනිස් ජාතික සංක්‍රමණිකයෙකුගේ පිහි පහරකින් ඉතාලි ජාතික කතෝලික පියෙතුමෙකු මියගොස් තිබේ.  

මෙලෙස මියගොස් ඇත්තේ රොබැර්තෝ මල්ජෙසිනි (51)  නැමති පූජකවරයෙකි.

මෙම පියතුමා සංක්‍රමණිකයින්ගේ ගැටලු  හා සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් විශාල සේවයක් කරමින් සිටි පියතුමෙකු බව මාධ්‍ය  වාර්තා කරයි.

මෙම පිහි ඇනුම සිදුකල පුද්ගලයා යම් මානසීක ව්‍යාධියකින් පෙළුනු අයෙකු බවට තොරතුරු හෙළිවු බව කොමෝ නාගරික පොලිසිය පැවසීය. 

චන්දන ප්‍රනාන්දු 

                                       



Recommended Articles