නිට්ටඹුවේ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට


නිට්ටඹුව, කලල්පිටියේදී වෑන් රථයක් හා වැලි පටවාගත් ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෑන් රථයේ ගමන් ගත් පස් දෙනෙක් තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයේ සිටි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

පස්යාලේ පදිංචිව සිටි 73 වියැති එස්.ම්. දිසානායක හා අවුරුදු 71ක් වන පස්යාලේම පදිංචි ඉන්ද්‍රාවතී වික්‍රමතුංග යන දෙදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

 

 



Recommended Articles