නිකපොතදී පුද්ගලයෙක් ඇඳ වැටී මැරෙයි


හල්දුම්මුල්ල නිකපොත ගොවිජන සේවා මධ්‍යස්ථානයට පැමිණි 65 වියැති පුද්ගලයකු අද (5දා) හදිසියේ ඇද වැටී ජීවිතක්ෂයට පත්වී ඇතැයි හපුතලේ පොලීසිය කියයි.

නිකපොත පදිංචි ඩබ්ලිව්.  එම්. ජයතිලක  නමැති විශ්‍රාමික අයෙකු  මෙසේ ජීවිතක්ෂයට පත් වී තිබේ. 

 සිරුර කොස්ලන්ද  දිසා රෝහලේ තබා ඇති අතර ඒ පිළිබඳව පී. සී. ආර්.  පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිත බව හල්දුම්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කියයි. 

හපුතලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි. 

එස්.පී. නානායක්කාර



Recommended Articles