නැප්තා ඉන්ධන භාවිතයෙන් විදුලිය නිපදවීම ගල් අඟුරුවලින් විදුලිය ජනනය කරනවට වඩා ලාභදායි බව ලංකා විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවැසීය.
"නැප්තාවලින් විදුලිය ඒකකයක් නිපදවීමට යන වියදමයි, ගල් අඟුරුවලින් ඒකකයක් නිපදවීමට යන වියදමේ වෙනස රුපියල් විස්සක් විතර වෙනවා. ඒ කියන්නේ නැප්තාවලින් විදුලිය නිපදවීම ලාභදායි ගල් අගුරුවලට වඩා. අපිට දැනගන්නට ලැබුණා පිරිපහදුවේ තිබුණා කියලා නැප්තා ලීටර් මිලියන 10කට ආසන්න ප්‍රමාණයක්.
කැළණිතිස්ස බලාගාරය නැප්තා භාවිත කර දිනක් ක්‍රියාත්මක කරවීමෙන් ගල් අඟුරු බලාගාරයක් ක්‍රියාත්මක කරවීමෙන් ඇතිවන පිරිවැයට වඩා රුපියල් මිලියන 80ක පමණ වාසියක් ලැබෙනවා. අපි කියන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු නැප්තා අපිට දෙන්න."