නැනෝ නයිට්‍රජන් දියර පොහොර දෙවන තොගය අද දිවයිනට


ශ්‍රී ලංකාව විසින් මිළදී ගත්  ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර  රැගෙන ඉන්දීය ගුවන් හමුදාවට විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක්  අද දින අලුයම  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

මෙයින් පළමු ගුවන් යානය වූ  ඉන්දීය ගුවන් හමුදාවට  අයත් අයි.එෆ්.සී.- 8 ඩී 21 දරන මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අද දින අලුයම 12.06 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි . එම ගුවන් යානය තුළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර කිලෝ ග්රැම් 44,730 ක් ගබඩා කර තිබුණි .

නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගත් දෙවන ගුවන් යානය වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.- 8 ඊ 21 දරන විශේෂ  භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය , නැනෝ නයිට්‍රජන් පොහොර කිලෝ ග්රැම් 44,773 රැගෙන අද දින අලුයම 03.02 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානා දෙකම ඉන්දීය ගුවන් හමුදාවට අයත්  සී.- 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා වීම විශේෂත්වයකි .

මෙම ගුවන් යානා මගින් රැගෙන ආ පොහොර තොගය , ලොරි රථ මගින් , කොළඹ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යෑමට සූදානම් කර තිබේ .

 



Recommended Articles