නැන්දම්මා ඝාතනය කළ ලේලිය අත්අඩංගුවට


සිය නැන්දම්මාට සහ මාමණ්ඩියට පහර දි නැන්දම්මා ඝාතනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලේලිව අද (02දා) දින සැකපිට අත්අඩංගුවට ගත් බව නානුඔය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර විජෙසුන්දර මහතා පැවසිය.

මෙසේ මිය ගොස් ඇත්තේ නානුඔය පොලිස් වසමට අයත් සමර්සෙට් වතු යායේ පදිංචි ගොවින්දම්මා මාරිමුත්තු (78) තිදරු මවකි.

අත්අඩංගුවට ගත් සැකකාර කන්තාවට දරුවන්  තිදෙනෙක් සිටින බවත් , ඇගේ සැමියා රෝගාතුරව වෙනත් නිවසක සිටින බවත් පොලීසිය පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.



Recommended Articles