නැගෙනහිරට හා ඌවට කාලගුණයෙන් සුබ පණිවිඩයක්


නැගෙනහිර හා ඌව පළාත්වලට මේ දිනවල බලපා ඇති වියළි කාලගුණ තත්ත්ව‌යේ වෙනසක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ඌව පළාතෙත්, අම්පාර, මඩකලපුව හා හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

අද දිනයේදී දිවයිනේ සෙසු පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තතත්වයක් පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.

 



Recommended Articles