නැගෙනහිර පාසල් 32ක් නැවත දැනුම්දෙනතුරු වසා තැබේ


නැගෙනහිර පළාතේ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් 32ක් හැර සෙසු සියලු පාසල් හෙට (11) ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඒ බව තහවුරු කළාය.

ඒ අනුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පාසල් 25ක්, කල්මුණේ ප්‍රදේශයේ පාසල් 5ක්, තිරුක්කෝවිල් ප්‍රදේශයේ එක් පාසලක් සහ අම්පාර කලාපයේ එක් පාසලක් එසේ තවදුරටත් වසා තැබෙනු ඇත. 

 



Recommended Articles