නැගෙනහිර ආයූර්වේද රෝහල් කොවිඩ් රෝගීන්ට


නැගෙනහිර පළාතේ ආයුර්වේද රෝහල්  වහාම  ක්‍රියාත්මක වෙන පරිදි කෝවිඩ්  ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක කරන ලෙස පළාත් ආණ්ඩුකාර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මීට ස්වල්ප මොහොතකට පෙර පළාත් ආයුර්වේද  කොමසාරිස්වරියට නියෝග කළාය.ඒ අනුව නැගෙනහිර පළාතේ ආයුර්වේද හදිසි ප්‍රතිකාර ඇඳන් 283 කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් කිරීමට නියමිතය.

ඒ අනුව ත්‍රිකුණාමලය කප්පල්තුරෙයි මූලික ආයුර්වේද රෝහලේ ඇඳන් 50 ,නිලාවේලි ආයුර්වේද රෝහලේ ඇඳන් 48,මඩකලපුව පුදුකුඩිඉරිප්පු රෝහලේ ඇඳන් 60,එරාවුර් ඇඳන් 30,අම්පාර දිස්ත්‍රික්කයේ වේරන්ගොඩ ඇඳන් 30,නින්දවූර් ඇඳන් 30,අඩ්ඩාලච්චේන ඇඳන් 30,මෙසේ කෝවිඩ් හදිසි රෝගීන් වෙනුවෙන් වෙන් කර තිබේ .



Recommended Articles