නාවික හමුදාවට කොවිඩ් එන්නත් 10,000ක්


කොවිඩ් මර්දන ක්‍රියාවලියට සම්බන්ධ නාවික හමුදා සමාජිකයින්ට “ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම වැලිසර නාවික රෝහලේදී අද (29) සිදුවිය.

ඒ අනුව, නාවික හමුදාව වෙත ලබා දුන් “ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත් දස දහසක (10000)  ප්‍රමාණය එම ප්‍රමුඛත්වය අනුව නාවික හමුදා සාමාජිකයින් වෙත ලබා දීම සිදුකළ බව නාවික හමුදා මාධ්‍ය අංශ පවසයි.

පළමු මාත්‍රාව නාවික හමුදාවේ සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට, කොව්ඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සෘජුවම සම්බන්ධ වන ඉදිරි පෙළ නාවික හමුදාවේ පුද්ගලයින්ට සහ කොව්ඩ්-19 අවදානම හමුවේ ආරක්‍ෂක රාජකාරි හා මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන නාවික හමුදා සාමාජිකයින් වෙත ලබාදීම අද සිදු කර තිබේ.

 



Recommended Articles