නාවික හමුදාපති, යුද හා ගුවන් හමුදාධිපතිවරු හමුවෙයි


නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (21) යුද්ධ හමුදා හා ගුවන් හමුදා මූලස්ථානයන්හීදී, වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති හමුවිය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (21) වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් හමුවිය. 

යුද්ධ හමුදා මූලස්ථානයේදී සහ ගුවන් හමුදා මූලස්ථානයේදී විශේෂ සම්මාන ආචාර මුරයන් මගින් නාවික හමුදාධිපතිතුමා පිළිගත් අතර, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නාවික හමුදාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව යුද්ධ හා ගුවන් හමුදාධිපතිවරුන් හමුවූ පළමු නිල හමුවන් බවට මෙම අවස්ථාවන් සනිටුහන් විය.

මෙම නිල හමුවන් වලදී හමුදාධිපතිවරුන් විසින් නාවික හමුදාධිපතිතුමන් වෙත ඔවුන්ගේ සුභ පැතුම් පිරිනමන ලද අතර, ඉදිරි කටයුතු වලදී යුද්ධ හා ගුවන් හමුදාවන්හි නොමද සහාය නාවික හමුදාව වෙත ලබා දෙන බවට ද ප්‍රකාශ කරන ලදි. මෙම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.



Recommended Articles