නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට


වැලිසර නාවික හමුදා කඳවුරෙන් නිවාඩු ලබා සිටි  හමුදා සෙබලුන් රැගෙන  ආ බස් රථයෙන් පැමිණි නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකු නිරෝධායනය සඳහා අද ( 24)  දියතලාව යුද හමුදා  නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි .

වැලිසර සිට බදුල්ලට පැමිණි මෙම බස් රථයට පිදුරුතලාගල කඳවුරින් ගොඩවූ නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකු මෙසේ නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් කර තිබේ .

යුද හමුදාව පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සෙබලුන් දෙදෙනා දියතලාව  යුද හමුදා රෝහලේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබෙන බව යුද හමුදාව පවසයි .

හල්දුම්මුල්ල එස්.පි. නානායක්කාර 



Recommended Articles