නාවික හමුදා සහයෙන් රුපියල් ලක්‍ෂ 11කට අධික රත්‍රන් ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට


ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම පොලිස් අපරාධ අංශයේ සහයෝගය ඇතිව 2020 ජුනි මස 07 වන දින මන්නාරම නගරයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී රත්‍රන් ග්‍රෑම් 109කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

මෙලෙස සොයා ගන්නා ලද රත්‍රං ප්‍රමාණයේ වටිනාකම රුපියල් ලක්‍ෂ 11කට අධික වෙතැයි ගණන් බලා ඇති අතර, අත් අඩංගුවට ගන්නා ලද වයස අවුරුදු 37ක් වන මන්නාරම, තාරාපුරම් ප්‍රදේශයේ පදිංචි එම සැකකරු සහ රත්‍රන් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.



Recommended Articles