නාවික හමුදා වැටලීමකදී මිලියන 06ක කේරළ ගංජා අත්අඩංගුවට


කාකරතිව් දුපතේ නාවික හමුදාව විසින් සිදුකල විශේෂ වැටලීමකදී රුපියල් මිලියන 06ක් වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 58ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ති​බේ.

මෙම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට බෝට්ටුවකින් ගෙනවිත් මෙරට දේශ සීමාව අසලදී මෙම සැකකරුවන්ට ලබාදී ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් දෙදෙනා යාපනය පොලිසියට භාරදී ඇත.



Recommended Articles