නාවික සෙබළු දෙදෙනෙක් ගංජා සමග අත්අඩංගුව


ගංජා පැකට් තුනක් සන්තකයේ තබාගෙන සිටි  නාවික හමුදා මූලස්ථානයට  අනුයුක්ත  සෙබළුන් දෙදෙනෙක්  මට්ටක්කුලිය සමිට් පුර ප්‍රදේශයේදී   පෙරේදා 27 අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය කියයි 

අත්අඩංගුට ගන්නා අවස්ථාවේදී  ඔවුන් පැමිණ තිබූ  නාවික හමුදාවේ උසස් නිලධාරියෙකුගේ නිල මෝටර් රථය ද ඒ ආසන්නයේ තිබූ බව පොලිසිය කියයි

මට්ටක්කුලිය  පොලීසියට ලද තොරතුරක් අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් නිල ඇඳුමින් සිටි බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

 අත්අඩංගුවට ගත්  සැකකරුවන් දෙදෙනා  වයස අවුරුදු 24 හා 26 පසුවන්නන් බව පොලිසිය කියයි

 සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

මට්ටක්කුලිය  පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  එම්.අයි.ලක්මාල්  මහතා පරීක්ෂණ පවත්වයි



Recommended Articles