නාවලපිටිය නගරය වැසි ජලයෙන් යට වේ - රථවාහන ගමනාගමනයට බාධා


මධ්‍යම කදුකරයට අද දින පස්වරුවේ ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය .

නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 300 පමණ මෙසේ  වැසි ජලයෙන් යට වි තිබුණි.

ප්‍රධාන මාර්ගය අභියස පිහිටි වෙළදසැල් කිහිපයක්ද වැසි ජලයෙන් යට විම නිසා ව්‍යාපාරිකයන්ද දැඩි අසිරුතාවයට පත්විය.

වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයැම හේතුවෙන් මෙසේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට විය .

සුළු වර්ෂාවකදි පවා මෙසේ නාවලපිටිය නගරය ජලයෙන් යට විම නිසා එම නගරයට පිවිසෙන පාභෝගික ජනතාව ගැටලු  රැසකට මැදි විය.



Recommended Articles