උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට තැඹිලිගල දක්වා කොටසෙහි දිට්වා නිසා හානියට පත් වූ ස්ථානවල සංවර්ධන කටයුතු නිරීක්ෂණය සඳහා (13) දින මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රණී තුෂාරි ජයසිංහ මහත්මිය හා පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය සභාපති මංජුල කරුණාරත්න මහතා එක් විය.
නිරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරිය කියා සිටියේ, නාවලපිටියේ සිට උලපනේ ගඩොල් බෝක්කුව දක්වා වූ කොටසෙහි සියලු ඉදිකිරීම් ලබන මස අවසන් වන විට සම්පූර්ණයෙන්ම නිම කිරීමට හැකි බවත්, උලපනේ සිට තැඹිලිගල දක්වා කොටසෙහි වැඩ නොවැම්බර් මස මුල් සතිය වන විට අවසන් වන බවයි.
ජීවිත ගණනක් අහිමි වෙමින් නායාමට ලක් වූ උලපනේ ගඩොල් බෝක්කුව ආශ්රිත ප්‍රදේශයෙහි දුම්රිය මාර්ගයේ සහ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ සමඟ ඒකාබද්ධව මෙම මස (21) දින ආරම්භ කරන බවත්, නොවැම්බර් මස අවසන් වන විට නාවලපිටිය ගම්පොළ අතර සියලු සංවර්ධන කටයුතු සිදුකර දුම්රිය ගමනාගමනයට අවස්ථාව සලසා දීම තම රජයේ බලාපොරොත්තුව බවයි තුෂාරි ජයසිංහ මහත්මිය කියා සිටියේ.


