නායයෑම් පිළිබද කාලගුණයෙන් රතු නිවේදනයක්


නායයෑම් පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙන අතර පසුගිය පැය 24 තුළ මිලිමීටර් 150ඉක්ම වූ දැඩි වර්ෂාපතනයක් එම ප්‍රදේශ වලින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම,නෙලුව,ඇල්පිටිය,බද්දේගම,තවලම,ගාල්ල සහ යක්කලමුල්ල මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසටත් කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ,අගලවත්ත,වලල්ලාවිට ,මතුගම ,දොඩංගොඩ ,ඉංගිරිය සහ බුලත්සිංහල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.



Recommended Articles