නායයෑම් අනතුරු ඇඟවිම් නිකුත් කර ඇති ප්‍රදේශ


අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 09 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නාය යෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අවදානම් ප්‍රදේශවලින් ඉවත්වන ලෙස දන්වන රතු නිවේදන නිකුත් කර ඇත්තේ,

කළුතර දිස්ත්‍රික්කය-ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස

රත්නපුර දිස්ත්‍රික්කය -කලවාන, ඇහැළියගොඩ

වර්ෂාව පවතින්නේ නම් ඉවත් වීමට සූදානම් වන ලෙස දන්වන දෙවන මට්ටමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත්තේ,

කොළඹ දිස්ත්‍රික්කය - සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

ගාල්ල දිස්ත්‍රික්කය - නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

කළුතර දිස්ත්‍රික්කය- වලල්ලාවිට හා හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

කෑගල්ල දිස්ත්‍රික්කය- ගලිගමුව, මාවනැල්ල, කෑගල්ල, යටියන්තොට, රුවන්වැල්ල, දැරණියගල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, රඹුක්කන, අරණායක හා වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

නුවරඑළිය දිස්ත්‍රික්කය-අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

රත්නපුර දිස්ත්‍රික්කය-අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

මීට අමතරව කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

 



Recommended Articles