නායයාමේ දෙවැනි මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ


පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දිස්ත්‍රික් දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07ක් සඳහා දෙවැනි අදියරේ අනතුරු ඇඟවීම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර සහ උඩුදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක, මාවනැල්ල, කෑගල්ල, දෙහිඕවිට සහ යටින්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.



Recommended Articles