ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස සහ සමානාත්මතාවය සමග රට සංවර්ධනය කරා ගෙන යාමට රටට ගැළපෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පසුගිය වසර හතර හමාරෙන්, වසර හතරක්ම කෝටි ගණන් මුදල් වැය කරමින් මැති ඇමතිවරු සහ ආණ්ඩුක‍්‍රම විශාරදයින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම අධ්‍යයනය කිරීමට විදේශ සංචාරවල නිතරවුව ද ඉන් රටට ලැබුණු ප‍්‍රතිඵලයක් නොමැති බවද ජනපතිවරයා පැවැසීය.
ඔවුන් උතුරේ ජනතාව රැවටීම සහ දකුණේ ජනතාව අතර වෛරය පැතිරවීම පමණක් සිදුකළ බවද ජනපතිවරයා කියා සිටියේය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (30දා) පස්වරුවේ යාපනයේ මුත්තවේලි නගර සභා ක්‍රීඩාංගණයේ පැවති රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ යාපනය දිස්ත්‍රික් සමාප්ති උත්සවය අමතමිනි.
ජනාධිපතිවරණයක් ගැන කතා කළ ද මෙම වරද නිවැරදි කර ගැනීමට තවමත් පවතින ආණ්ඩුවට කාලය තිබෙන බව පැවැසූ ජනපතිවරයා 2020 බලයට පත්වන ආණ්ඩුවකට රට කරගෙන යාමට නම් එම වගකීම පවතින ආණ්ඩුව විසින් ඉටුකළයුතු බවද සඳහන් කළේය.
එම වගකීම ඉටුකිරීමට එක්වන ලෙස තමා ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට ද ආරාධනා කරන බවද ජනපතිවරයා පැවසීය.
පාර්ලිමේන්තුව මෙම ගැටලුව විසඳිය යුතු අතර ඊට තම උපරිම සහය ලබාදෙන බව ද ජනාධිපති කියා සිටියේය.
මෙහිදී ජනාධිපති වැඩිදුරටත් පෙන්වා දුන්නේ 19 වන සංශෝධනය හරහා අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් රටේ බලය තිබෙන නායකයන් තුන්දෙනෙක් නිර්මාණය කර තිබෙන බවයි. ජනාධිපතිවරයාගේ බලයෙන් කොටසක් ගෙන කොටසක් ඉතිරි කර තිබෙන අතර, අගමැතිවරයාට බලය වැඩි කර, කථානායකවරයාට තවත් බලය දී තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
නායකයන් තුන්දෙනෙකුට රටක් කරගෙන යා නොහැකි අතර රට අවුලට පත්වන බව ජනාධිපති සඳහන් කළේය.