නායක හාමුදුරුනමකගේ සිවුර ගැලෙව්වා - මහින්ද


අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් බැලිම සඳහා ගිය ස්වාමීන් වහන්සේ නමකගේ සිවුර උන්වහන්සේගෙන් ඉවත් කර ඇති බවත් තවත් කාන්තවකගේ රෙදිද ඒ අකාරයෙන් ඉවත් කර ඇති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තංගල්ලේදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“අගුණකොලපැලැස්සේ හිර භාරයේ ඉන්න හාමදුරුනමක් බලන්න වැඩිය නායක හාමුදුරුනමකගේ සිවුර ගැලෙව්වා.වයසක අම්මා කෙනෙක්ගේ රෙද්ද ගැලෙව්වා. මේ තත්ත්වයක් ඇතිවෙලා තියෙනවානම් මේ ගැන වහාම පරීක්ෂණයක් කරන්න ඕන. ආණ්ඩුවට එහෙම නිහඩවෙලා ඉන්න පුළුවන් කමක් නෑ.යුද්දේ තිබුණ කාලෙවත් එහෙම කළේ නෑනේ.”



Recommended Articles