නාමල්ට සතුටුයිලු


"එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන  සතුටුවන" බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ  ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ රැස්වීමක් අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  නාමල් රාජපක්ෂ මහතා,


​2005ට පෙර හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිබිච්ච තත්ත්වය පිළිබඳව ඔබ තමුන්නාන්සේලා දන්නවා. හැබැයි එදා මේ අධිවේගී මාර්ගය හදනකොට, මේ අධිවේගී මාර්ගය හැදුවේ මේ මහින්ද රාජපක්ෂට ඇඹුල් තියල් ගෙනියන්න කියලා කිව්වා. මං දැක්කා ඊයෙ, පෙරේදා, පළමුදා පෝලිමේ එනවා වාහන ඇඹුල් තියල් ගෙනියන්න  නේද?

​දැන් ධීවරයාට මේ තියෙන තෙල් මිලත් එක්ක මුහුදු ගිහිල්ලා අල්ලන මත්ස්‍ය අස්වැන්නෙන් ලාභයක් ලබන්න බෑ. ඒ හින්දා ඉතින් අධිවේගී මාර්ගය ඇඹුල් තියල් හදන්න හැදුවත් දැන් වැඩේ වෙන්නේ නෑ. වැව්වලත් මාළු නෑ. ඇයි? හිඳිලා.

​පසුගිය කාලසීමාව තුළ වැඩපිළිවෙලක් ආණ්ඩුවෙන් ක්‍රියාත්මක වුණේ නෑ මේ අභියෝගයට මුහුණ දෙන්න. අවුරුදු දෙකක් විපක්ෂයට බැන බැන හිටියා. ඒ කියන්නේ රාජපක්ෂලාට. අවුරුදු දෙකක්! අඩුම ගානේ අවුරුදු දෙක ඇතුළත මේ ලුණුගම්වෙහෙර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ, මොනරාගල, වැල්ලවායේ, බුත්තල වැව් ටික සුද්ධ කරන්න. කයිවාරු ගහන එක නවත්තලා, බනින එක නවත්තලා. අඩුම ගානේ පොඩි වැස්සකට හරි යම් සහනයක් ලබාගන්න තිබ්බා.

සාමාන්‍යයෙන් ජනතාවට ආණ්ඩුව එපා වෙන්නේ. හැබැයි මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන් ජනතාව එපා වෙලා. මහජන දින තියන්නේ නෑ. මුණගැහෙන්නේ නෑ. දැන් අපි ගමෙන් ගමට යනවා. යනකොට හැම ගමකම, අද මේ ඔබේ කොට්ඨාසය වගේම හැම ගමකම අපේ පාක්ෂිකයෝ, අපිට ඡන්දය දීපු, නොදීපු විශාල පිරිසක් අපි වටා ඒකරාශී වෙනවා. මේක දැක්කාම දැන් ජනාධිපතිතුමාත් ගමෙන් ගමට යනවා. හොඳයි, යන්න ඕනේ, ඇහුම්කන් දෙන්නත් ඕනේ. හැබැයි ඉතින් ගමෙන් ගමට ගිහිල්ලා රැස්වීම් තියලා ගෙදර එන්න එපා. කියන දේ අහගන්න. ප්‍රශ්නවලට විසඳුම් දෙන්න. ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න. ඒවට විසඳුම් ලබාදෙන්න. මොකද ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න.

එදා අසීමිත සංවර්ධනයක් කේන්ද්‍ර කරගෙන, එදා නම් ආණ්ඩුව මත්තලට බැන්නා. දැන් කියනවා ඊළඟ ආයෝජන ගේන්න පුළුවන් හොඳම තැන මත්තලයි, හම්බන්තොට වරායයි, කොළඹ වරාය නගරයයි කියලා. කලින් නම් කිව්වේ පෝට් සිටි එක හදන්න සීගිරියක් කඩන්න වේවි කිව්වා. හම්බන්තොට වරායේ ගලක් තියෙනවා කිව්වා. නේද? උමාඔයේ හිලක් තියෙනවා කියලා කිව්වා. අන්තිමට ඒක නැවැත්තුවාඋද්ඝෝෂණය කරලා.

​ඒ තැනට මේ රටේ සංවර්ධනය නවත්තපු පිරිසක්, අපි එක අතකින් සතුටු වෙනවා. එදා බැනපු, එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන. අපි සතුටු වෙන්න ඕනේ. එදා වරායට, අධිවේගී මාර්ගයට, ගුවන්තොටුපොළට, උමාඔයට බැනපු අය, අද පෝට් සිටියට බැනපු අය අද තමන්ගේ ගැලවුම්කාරයා බවට ඒ ව්‍යාපෘති පත්වෙලා මේ රටේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත්වෙන්නේ ඒ ව්‍යාපෘති කියලා තමන්ගේ කටෙන්ම කියවගන්න ලැබිච්ච එක ගැන මම සතුටු වෙනවා"



Recommended Articles