කොළඹ නගරයේ ඊයේ දින පැවති විරෝධතාවයේදී විරෝධතාකරුවන්ට පහරදීම තමන් තරයේ හෙලා දකින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියි.
කොවිඩ් 19 වසංගතය මර්ධනය කිරිමේදී පොලිස් දෙපාර්තමේන්තුව විසින් විශිෂ්ඨ මෙහෙයක් සිදුකළ බවත් ඇතැම් පොලිස් නිලධාරීන්ගේ හැසිරිම මත ඔවුන් විසින් ලබාගත් කීර්තිය සහ හොඳ නමට කැළලක් ඇති වීම වලක්වා ගත යුතු බවයි හිටපු මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.
පොලිස් නිලධාරින් කිහිපදෙනෙකුගේ මෑත කාලයේ හැසිරීම මගින් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම #COVID19SL කාලය තුළ සිදුකළ විශිෂ්ට සේවාවට හානි සිදුවීම කණගාටුදායකයි. විරෝධතාවයේ නිරත අයට ඊයේ පහරදීම සිදුවීම මා තරයේ හෙළා දකින අතර, කඩිනමින් විමර්ශනය කර ඊට නිසි පියවර ගත යුතු යැයි ඉල්ලා සිටිනවා. https://t.co/N7JXXdmsO1
— Namal Rajapaksa (@RajapaksaNamal) June 10, 2020


