පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාලදිවයින සංචාරය නිමා කර 07/29 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර හම්බන්තොට අධිකරණය මගින් වරෙන්තුවක් නිකුත් කර තිබුණ ද ඔහු අත් අඩංගුවට ගැනීමකින් තොරව ගුවන් තොටුපොළෙන් පිට වී ගියේය.
ඔහු 07/29 දින උදෑසන 11.30 ට මාළදිවයින මාළේ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
නාමල් රාජපක්ෂ මහතාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් නීතීඥවරුන් කීප දෙනෙකු සහ ඔහුගේ ආධාර කරුවන් කීප දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත මොහු අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝගයක් ලැබී නොතිබුනු අතර පොලීසිය විසින් ද අත් අඩංගුවට ගැනීමක් සිදු නොකර තිබුණි .
මෙම පසුබිම යටතේ නාමල් රාජපක්ෂ මහතා 07/29 දින දහවල් 12.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට වී ගියේය .