නාමල් අගමැති කරන වාර්තා රජය ප්‍රතික්ෂේප කරයි


තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට සූදානම් බවට වන සමාජ මාධ්‍ය වාර්තා සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රතික්ෂේප කළේය.

සතිපතා පැවැත්වෙන කැබිනට් හමුවේදී ඔහුට යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඒවා හුදෙක්ම දේශපාලන වාක්‍ය බවයි.

මේවා පිළිබඳව බැරූරුම්ව අවධානය යොමු නොකළ යුත් බවත් හෙට වෙනත් අයෙකු පත්කිරීමට යන බවට ප්‍රකාශ පැතිරයාමට ඉඩ ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.



Recommended Articles