නාඳුනන මෘත ශරිර තුනක් හමුවෙයි


මට්ටක්කුලිය පොලිස් වසම - 2025.10.29 වන දින උදෑසන සහ සවස් කාලවලදී මට්ටක්කුලිය පොලිස් වසමේ කාක දූපත වෙරළ තීරයේ සහ කැළණි ගඟ මෝය කට අසල නාඳුනන පිරිමි මෘත ශරීර දෙකක් ඇති බවට මට්ටක්කුලිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරුවන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත. මෘත ශරීර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
 
පමුණුගම පොලිස් වසම - 2025.10.29 වන දින සවස් කාලයේ පමුණුගම පොලිස් වසමේ එපාමුල්ල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින දෙමහල් නිවසක පිටුපස ඇති ඉඩමේ නාඳුනන පිරිමි මෘත ශරීරයක් ඇති බවට පමුණුගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
 
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර කළු පැහැති සරමක් හා ලානිල් පැහැති අත්කොට කමිසයක් හැඳ සිට ඇති අතර  වයස අවුරුදු 50ත් 60ත් අතර උස අඩි 05 අගල් 07 ක් පමණ වන කෙට්ටු සිරුරකි.
 
මෘත ශරීරය හදිසි මරණ පරික්ෂණයෙන් පසු රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


Recommended Articles