නාඳුනන මළ සිරුරක් මොරටුවෙන් හමුවෙයි


නාඳුනන පුද්ගල මළ සිරුරක් මොරටුව ලුනාව කලපු ප්‍රදේශයේ තිබී අද (29දා) හමු වූ බව මොරටුව පොලිසිය පවසයි.

මෙම  පුද්ගලයා කාගේ කවුද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ පිළිබඳව විමර්ශන ආරම්භ කොට ඇති බව මොරටු පොලිසිය පැවසීය.

 එම මළ සිරුරේ මුහුණ හඳුනා ගත නොහැකි අතර පිලිස්සුම් තුවාල දක්නට ඇත.

මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා.



Recommended Articles