නානුඔය පොලිස් වසම තුළ පිහිටි නානුඔය ඇබට්ස්ෆර්ඩ් (Abbotsford) දෙමළ විද්‍යාලයේ සිසුන් පිරිසකට (18) දින බඹරුන් දෂ්ට කර ඇත. පාසල් ගොඩනැගිල්ලක වහලය මත තිබූ බඹර කූඩුවක් කැළඹීමට ලක්වීමත් සමඟ මෙම සිදුවීම සිදුව තිබේ.
සිසුන් 6 දෙනෙකුට බඹරුන් දෂ්ට කර ඇති බවත්, ඔවුන් 1990 සුවසැරි ගිලන් රථ සේවාව මගින් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් ඇතුළත් කර ඇති බව නානුඔය පොලිසිය කියා සිටියහ.

