නානුඔය රෙස්ටුරන්ට් එකක ගැස් රෙගුලේටරයක් ගැලවී විසිවෙයි


නුවරඑළිය නානුඔය නගරයේ පිහිටි මත්පැන් අලෙවිසැලක මුළුතැන්ගෙහි ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබූ රෙගුලේටරයක් අද (01දා) උදැසන 8.30 ට පමණ ගැලවී ඉවතට විසි වී ඇති බව නානුඔය පොලීසිය පැවසිය.

මුළුතැන්ගෙහි කොකියා ආපනශාලාවට කෑම පිසිමින් සිටියදි එකවරම ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු රෙගුලේටරය ගැලවි ඉවතට විසි වි ගැස් ටැංකිය බිමට වැටි ගැස් ටැංකියේ තිබු සියළුම ගැස් කාන්දු වි ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නානුඔය පොලිසිය කියා සිටියේය.

සිද්ධියෙන් කිසිවෙකුට තුවාල සිදු වී නොමැති බවද නානුඔය පොලිසිය පැවසිය.

 



Recommended Articles