නාන තටාකයට වැටී දෙහැවිරිදි දරුවා මරුට


බෙන්තර කෝම්මල, පිහිටි සංචාරක නවාතැන්පලේහි නවාතැන්ගෙන සිටි දෙහැවිරිදි  මුස්ලිම් ජාතික පිරිමි දරුවකු ඊයේ (10දා) එහි නාන තටාකයේ වැටි දියේ ගිලි මිය ගොස් ඇති බව බෙන්තොට පොලීසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ දෙමටගොඩ ,කැටවලමුල්ල පාර ලිපිනයේ පදිංචි ආයුක් අමුනුල්ලා නමැති දෙහැවිරිදි පිරිමි දරුවෙකි.

දරුවා ඇතුලු පවුලේ අය සමග සංචාරක නවාතැන්පොලේ සිටියදී දරුවා එහි තිබූ නාන තටාකයට එකවරම වැටී ඇති බවත් පසුව දරුවාගේ පියා එය දැක කඩිනමින්  නාන තටාකයට පැන දරුවා ගොඩට හෙන බෙන්තර රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව දරුවා මියගොස් ඇති බවත් පොලීසිය කියයි.

මියගොස් ඇති කුඩා දරුවා තම දෙමාපියන් දෙදෙනා ඇතුළු 05 දෙනෙකු පිරිසක් සමග ඩුබායි සිට මෙරටට පැමිණ සංචාරක නවාතැනේ ලැගුම්ගෙන සිටියදී අනතුරට ලක්වී ඇති බවට වැඩිදුරටත් අනාවරණය වූ බවද පොලීසිය කියයි. බෙන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



Recommended Articles