නාටු නාටු තවත් වාර්තාවක් තබයි


තෙළිඟු භාෂාවෙන් නිර්මාණය වූ ජනප්‍රිය RRR චිත්‍රපටයේ 'නාටු නාටු' ගීතය ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු ඉන්දීය චිත්‍රපට ගීතය ලෙස ඉතිහාසයට එක්විය.

මෙම අතිශය ජනප්‍රිය ගීතය ලේඩිගාගා, රිහානා වැනි ප්‍රබලයන් පරදවමින් 95 වැනි ඇකඩමි සම්මාන උළෙලේ දී හොඳ ම ස්වතන්ත්‍ර ගීතයට හිමි සම්මානය දිනා ගත්තේ ය.

සම්මානය භාරගනිමින් (මෙම ගීතයේ) රචක එම්.එම්. කීරවානි පැවසුවේ ගීතය "හැම ඉන්දියානුවෙක්ගේ ම ආඩම්බරය" බවය.

'නාටු නාටු' ජනවාරියේ දී ඉතිහාසගත වූයේ එය 'ගෝල්ඩන් ගොල්බ්' හොඳම ගීතයට හිමි සම්මානය පළමුවරට ඉන්දියාවට දිනා දෙමින් ය. එම මාසයේ දී ම, 'ක්‍රිටික්ස් චොයිස්' සම්මාන උළෙලේ හොඳම ගීතයට හිමි සම්මානය ද දිනාගත්තේ ය.

තෙළිඟු බසින් "නටන්න, නටන්න" ලෙස පරිවර්තනය වන (මෙම) ජවසම්පන්න රිද්මය, පසුගිය වසරේ එක්සත් ජනපදයේ දී චිත්‍රපටය එළිදැක්වීමෙන් පසු ලෝකයේ ම උද්වේගයක් ඇති කළේ ය.

යුක්ක්‍රේනයේ දර්ශනීය මැරින්ස්කි මාලිගය ඉදිරිපිට රූගතකර ඇති දර්ශනයේ දී, චිත්‍රපටයේ ප්‍රධාන නළුවන් දෙදෙනා වන රාම් චරන් සහ රාමා රාඕ මෙම ගීතයේ ජවසම්පන්න නර්තනයක් ඉදිරිපත් කරයි.

Rise (පිබිදීම), Roar(ඝර්ජනාව), Revolt(කැරැල්ල) (යන වචන වල) කෙටි යෙදුම වන RRR, යනු ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ව සටන් කරන විප්ලවවාදීන් දෙදෙනෙකුගේ කතාව පැවසෙන ඓතිහාසික ෆැන්ටසියකි.

මෙම ගීතය, දිනකට පැය 12ක් වැඩ කරමින් නර්තන ශිල්පීන් 150ක් හා කාර්‍යමණ්ඩලයේ 200ක් සමගින් දින 15ක් පුරා රූගතකරන ලදි.

 



Recommended Articles