නාච්චාදූව වැවේ වාන් දොරටු හයම විවෘතයි


අනුරාධපුර නාච්චාදූව වැවේ වාන් දොරටු හයම විවෘත කර ඇති බව නාච්චාදූව  වාරිමර්ග ඉංජිනේරුවරිය පවසයි .

අද 17දා උදෑසන වන විට නාච්චාදූව වැවේ වාන් දොරටු හයෙන්, දෙකක් අඩි හතර බැගින් ද දොරටු දෙකක්, අඩි  තුන බැගින් සහ දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කර තිබෙන අතර ඉන් තත්පරයට ඝන අඩි 2200 ක් ජලය මල්වතු ඔයට  මුදා හැරෙන බව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.

 



Recommended Articles