නාකොටික් නිලධාරීන් 16 දෙනෙකු ඇතුළු 20දෙනෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 16 දෙනෙකු ඇතුළු සැකකරුවන් 20 දෙනෙකු ලබන 03 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද නියෝග කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරිම ඇතුළු චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුනි.

 



Recommended Articles