නාකොටික් නිලධාරින් තවදුරටත් රිමාන්ඩ්


පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.  

ඒ අනුව සැකකරුවන් 17දෙනා මාර්තු 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද (09) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

 



Recommended Articles