නාකොටික් නිලධාරින් 12ක් ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන අද (08) අධිකරණයට ඉදිරිපත් කළ මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් 12දෙනා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ති​​බේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැක කෙරෙන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් 18 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.



Recommended Articles