නා උයනේ කේබල් කාර් ඩක්කුවක් කඩා වැටී හිමිවරු 7 නමක් අපවත්වෙති


 මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කඳු මුදුනේ ඇති තමන්වහන්සේලාගේ භාවනා කුටි වෙත කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවකින් වැඩම කරමින් සිටියදී එම ඩක්කුව කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා හත් නමක් අපවත්ව තිබේ.

අපවත් වූ හිමිවරුන්ගෙන් දෙදෙනෙකු විදෙස් ජාතික හිමිවරු වන අතර, උන් වහන්සේලාගේ සිරුරු ගොකරැල්ල රෝහලේ තැන්පත් කර ඇත.අනෙකුත් හිමිවරුන්ගේ සිරුරු කුරුණෑගල ශික්ෂණ රෝහලේ නැත්පත් කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම ඩක්කුවේ භික්ෂූන් වහන්සේලා 13ක් වැඩම කර ඇති බව වාර්තා වන අතර බරපතළ තුවාල ලැබූ හිමිවරු මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති්‍. 



Recommended Articles