නවෝදයාගම අද ජනතා අයිතියට


මීට වසර තුන­කට පෙර ඇති වූ අප­හ­පත් කාල­ගු­ණික තත්ත්වය හේතු­වෙන් නාය­යෑ­මට ලක්ව නිවාස අහිමි වූ පූනා­ගල, කබ­ර­ගල පවුල් 50ක් සඳහා ඉදි­කළ ‘නවෝ­ද­යා­ගම’ නිවාස ව්‍යාපෘ­තිය ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් අද (28) ජනතා අයි­ති­යට පත් කෙරේ.

නාය­යෑ­මෙන් නිවාස අහිමි වූ මේ ජන­තාව වසර තුන­කට ආසන්න කාල­යක් අත්හැර දමා තිබූ තේ කර්මාන්ත ශාලා­වක අනා­ර­ක්ෂි­තව දිවි ගෙවූහ. මේ පිරිස සඳහා නව නිවාස ව්‍යාපෘ­තිය කඩි­න­මින් නිම කර මෙසේ ජනතා අයි­ති­යට පත් කිරී­මට රජය පිය­වර ගෙන තිබේ.

මෙම නිවාස ව්‍යාපෘ­තිය යටතේ පවුල් 50ක් සඳහා පර්චස් 10 බැගින් වූ ඉඩම් සහ වර්ග අඩි 550කින් යුත් අංග සම්පූර්ණ නිවාස 50ක් ඉදි­කර තිබේ.

එක් නි‍ෙව­සක් ඉදි­කි­රීම සඳහා රුපි­යල් ලක්ෂ 32කට ආසන්න මුද­ලක් වැය කර ඇති අතර, නිදන කාමර දෙකක්, සාල­යක්, මුළු­තැ­න්ගෙ­යක් සහ නාන කාම­ර­ය­කින් සම­න්විත මෙම නිවාස එම පවු­ල්ව­ලට ආර­ක්ෂිත සහ ගෞර­වා­න්විත ජීවි­ත­යක් ගත කිරී­මට අවශ්‍ය පසු­බිම සකස් කර දීම මෙහි අර­මුණ වේ

නි‍ෙව­සක් සහ ඉඩ­මක් ලබා­දී­මෙන් පම­ණක් සීමා නොවී, නව නි‍ෙවසේ දෛනික ජීවි­තය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ගෘහ උප­ක­රණ සහ මුළු­තැ­න්ගෙයි උප­ක­රණ ඇතුළු අත්‍ය­වශ්‍ය භාණ්ඩ රුපි­යල් 175,000ක පමණ වටි­නා­ක­ම­කින් යුතුව සෑම පවු­ල­ක­ටම ලබා­දීම මෙම වැඩ­ස­ට­හනේ විශේ­ෂ­ත්ව­යකි.

 



Recommended Articles