නවීන්ට ’’දේශ කීර්ති ශ්‍රී ශාසනාභිමානී ’’ නාමය


සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතා සම්බුද්ධ ශාසනයටත් මනුෂ්‍ය  සමාජයටත් කරන ලද සේවාව වෙනුවෙන් "දේශ කීර්ති ශ්‍රී ශාසනාභිමානී " යන ගෞරව නාමයෙන් පිදුම් ලැබීය.

රාමඤ්ඤ මහා නිකායේ 161 වැනි අනුස්මරණ මහෝත්සවයදි මහාවිහාර වංශීක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකූලෑවේ විමල මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක මහා සංඝ සභාව විසින් ඔහුට මෙම ගෞරව නාමය පිරිනමන ලදී.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දි  ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකූලෑවේ විමල මහානායක හිමිපාණන්ගේ සුරතින් මහා සංඝරත්නය හි ආශිර්වාද මැද මෙම නාමය පිරිනමන ලදි.

මෙම 161 වැනි නිකාය දින සැමරුම සදහා හිටපු කතානායක කරු ජයසුරිය මැතිතුමා ,අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි ,හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ ,පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ,පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර ,සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද ස් වීරසූරිය ,රත්නපුර දිස්ත්‍රික් ලේකම් ඇතුළු ගිහි පැවැදි විශාල පිරිසක් සහභාගි විය.



Recommended Articles