අති නවීනතම ජංගම දුරකතන ඇතුළු සන්නිවේදන උපකරණ රැසක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණ තොරතුරක් අනුව මීගමු ඒත්තුකාල ප්‍රදේශයේ වැටලීමක් සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු හා චීන ජාතිකයෙකි. ඔවුන් සන්තකයේ තිබී නවීන ජංගම දුරකතන 402ක්, සිම්පත් 17400ක්, රවුටර් 60ක් ඇතුළු අධි සන්නිවේදන උපකරණ රැසක් සොයාගෙන තිබේ.