නවසීලන්තයේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නවසීලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 88 දෙනෙකු රැගෙන සිල්ක් එයා ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (25)  දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ගුවන් මගීන් පිරිස නවසීලන්තයේ වෙලිංටන් නුවර සිට සිංගප්පූරුව වෙත පැමිණ , එතැන් සිට මෙම සිල්ක් එයා ගුවන් සේවයේ එම්.අයි.- 430 දරන විශේෂ ගුවන් යානයෙන් අද  දින රාත්‍රී 7.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීම සිදු කෙරුණි .



Recommended Articles