නවසීලන්ත නියෝජ්‍ය අගමැති එයි


නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් ( Vinston Peters ) මහතා සිව් දින නිල සංචාරයක් සඳහා 05/24 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.

ඔහු සමග දූත පිරිස ලෙස , තවත් සිව් දෙනෙකු ද පැමිණ සිටියහ. ඔවුන් 05/24 දින රාත්‍රී 11.00 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔවුන් ශ්‍රී ලංකා සංචාරය නිමා කර 05/28 දින ආපසු පිටත්ව යාමට නියමිතය. 



Recommended Articles