නවතා තිබූ ට්‍රැක්ටර් ටේලරයක යතුරු පැදියක් ගැටී තරුණයන් දෙදෙනෙක් සමුගනියි


ඔඩ්ඩුසුඩාන් පොලිස් වසමේ මාන්කුලම් - මුලතිව් මාර්ගයේ 21 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී මාන්කුලම් දෙස සිට මුලතිව් දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයේ වම්පස අයිනෙහි නවතා තිබූ ට්‍රැක්ටර් රථයක ටේලරයේ ගැටී අනතුරක් සිදුව ඇතැයි පොලීසිය කියයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරු ඔඩ්ඩුසුඩාන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනාම මියගොස් ඇති බව පොලීසිය කියයි. මරණකරුවන් අවුරුදු 23 හා 24 වයස්හි පසුවන මුල්ලියාවේලි ප්‍ර දේශයේ පදිංචිකරුවන් වෙයි. 



Recommended Articles