නවගමුව වෙඩි තැබීමකින් අවු. 20ක තරුණයෙක් මරුට


නවගමුව පොලිස් වසමේ කොරතොට, මැණිකාගාර පාර ප්‍රදේශයේ නිවසක් තුල සිටි පුද්ගලයින් තිදෙනෙකුට ඊයේ (01දා) රාත්‍රී කාලයේ යතුරුපැදියකින් හා ත්‍රීරෝද පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් වෙඩි තබා පලාගොස් ඇති බවට නවගමුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

වෙඩි වැදීමෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක්  පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කර ඇත. මරණකරු වයස අවුරුදු 20 ක් වූ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැක කරනු ලබයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නවගමුව පොලිසිය සහ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය  වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



Recommended Articles