විශ්වවිද්‍යාලවල නවක වදය අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (28) ගොනු කළේය.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වධය හේතූවෙන් මුහුණ දුන් ඛේදජනක සිද්ධිය සහ ඉන් අනතුරුව සිදුවූ සියදිවි නසාගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
විශ්ව විද්‍යාලවල නවක වධය අවසන් කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතීඥ රජීව් අමරසූරිය සහ එහි ලේකම් නීතීඥ චතුර ගල්හේන යන මහත්වරු විසින් ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්්‍ය සුනිල් ශාන්ත මහතා ඇතු`ථ එහි පාලක මණ්ඩලය, චරිත් දිල්ෂාන් සිසුවා මුහුණ දුන් ඛේදජනක නවක වධ සිද්ධිය සෙවීමට පත් කළ කමිටුවේ සාමාජිකයින්, විශ්ව විදාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තය පුහුණු අමාත්‍යවරයා, ආරක්‍ෂක ලේකම්වරයා, අධිකරණ අමාත්‍යවරයා, පොලිස්පතිවරයා සහ නීතීපතිවරයා ඇතුථ 69 දෙනකු නම් කර ඇත.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ චරිත් දිල්ෂාන් නමැති 23 හැවිරිදි සිසුවා මුහුණ දුන් ඛේදජනක නවක වධ සිද්ධිය සහ ඉන් අනතුරුව සිදුවූ සියදිවි නසාගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වශයෙන් තමන් අවධානය යොමු කළ බව පෙත්සම්කාර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතීඥ රජීව් අමරසූරිය සහ එහි ලේකම් නීතීඥ චතුර ගල්හේන යන මහත්වරු සිය පෙත්සමේසඳහන් කර ඇත.
සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ චරිත් දිල්ෂාන් නමැති සිසුවා 2025 අප්‍රේල් 26 වැනිදා එහි ජේ්‍යෂ්ඨ සිසුන් පිරිසක් විසින් අඛණ්ඩව මෙන්ම ම්ලේච්ඡ අන්දමින් නවක වධයට ලක් කරන ලද බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ සබරගමුව විශ්වවිද්‍යාලයේ බලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ පොලීසිය නවක සිසුන් සිසුන් ආරක්ෂා කිරීමට සහ නවක වධයට එරෙහි නීති ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම මෙම ඛේදවාචකයන්ට හේතු වී ඇති බවද පෙන්වා දෙති.
සබරගමුව විශ්ව විද්‍යාලයේ චරිත් දිල්ෂාන් නමැති සිසුවා ජේ්‍යෂ්ඨ සිසුන් විසින් අඛණ්ඩව මෙන්ම ම්ලේච්ඡ අන්දමින් නවක වධයට ලක් කිරීම හේතූවෙන් ඔහුට වූ ඛේදවාචකය කම්පා කරවන සු`ථ බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ ඔහු නවක වධයට ලක්වීම් හේතූවෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවද පෙන්වා දෙති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 සහ 12 (1) වගන්ති යටතේ විශ්ව විද්‍යාල සිසුන්ට වධහිංසනයට හෝ කෲර මෙන්ම අමානුෂික සැලකීම් වලට භාජනය නොවී සිටීමට අයිතියක් ඇතැයයි පෙන්වා දෙන පෙත්සම්කරුවෝ චරිත් දිල්ෂාන් නමැති සිසුවා නවක වධයට ලක්වීම් හේතූවෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා සිටිති.
එමෙන්ම විශ්ව විද්‍යාල වල මෙන්ම උසස් අධ්‍යාපන ආයතන වල නවක වධයට ලක් කිරීම වළකාලීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියම කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ විශ්වවිද්‍යාලවල නවක වදය අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියම කරන්නැයිද ඉල්ලා සිටිති.