නවක වදය දුන් හා නවක සිසුන්ට පහරදුන් 4ක් අත්අඩංගුවට


නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වී නවක වදය ලබාදීම  සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරය වෙත අයුතු ලෙස ඇතුළු වී නවක සිසුන්ට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

සැකකරුවන් 28 උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ බලංගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ශරීර ඇප මත මුදා හැර තිබේ.

පෙබරවාරි 15 දා මෙම සිදුවීම සිදුව තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23, 24 හා 25 යන වයස්වල පසුවන්නෝ වූහ.

 

 



Recommended Articles