අද (18) සිට ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.
- සාප්පු සංකීර්ණ අද (18) සිට සම්පුර්ණයෙන් ම වසා තැබේ. සුපිරි වෙළෙඳසැලක් තුළ එක් වර සිටිය හැක්කේ එහි සම්පූර්ණ ධාරිතාවයෙන් සියයට 25කට පමණි.
 - සති දෙකක් දිවා සුරැකුම් මධ්‍යස්ථාන වසා දැමේ.
 - කාය වර්ධන මධ්‍යස්ථාන සහ ගෘහස්ථත ක්‍රීඩාගාර අද සිට වසා දැමේ.
 - ළමා උද්‍යාන, කානිවල්, සංගීත සංදර්ශන, බීජ් පාටි හා වෙරළේ ඒකරාශී වීම ද අද සිට තහනම් වේ.
 - පිහිණුම් තටාක හා ස්පා අද සිට වැසේ.
 - හෝටල් හා නිවාඩු නිකේතන විවෘත කර තැබිය හැක්කේ එහි සම්පූර්ණ ධාරිතාවයෙන් සියයට 25කට පමණි.
 - නිවසකින් පිටත ට යා හැක්කේ එක් පුද්ගලයෙකුට පමණි. එහෙත් රැකියාව සඳහා හෝ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම සඳහා පිටත ට යනවිය එය අදාළ නොවේ.
 
Guideline Translation 20210816 by Ada Newspaper on Scribd

