නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරයි


මාර්තු 01 දා සිට මාර්තු 31 දා දක්වා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. පෙබරවාරි මාසයේදී ක්‍රියාත්මක වූ මාර්ගෝපදේශ බොහෝමයක් මේ යටතේ ක්‍රියාත්මක අතර ආපනශාලා, කඩ සාප්පු, සිල්ලර බඩු, සුපිරි වෙළඳසැල්, බැංකු, සිනමා ශාලා, ප්‍රේක්ෂකයින් සමඟ ක්‍රීඩා කටයුතු, උපකාරක පන්ති සහ අවමංගල්‍ය කටයුතු සඳහා වෙන් කර තිබූ සීමිත ධාරිතාව ඉවත් කර තිබේ. එම ක්‍රියාකාරකම් වැළැක්වීමේ පියවර යටතේ ක්‍රියාත්මක විය යුතු බව නව මාර්ගෝපදේශවල දැක්වෙයි.  



Recommended Articles